Tuesday, December 1, 2009

ගොන්සාල්වෙස් නම් පූජනීය කලාකරුවා

නව නිර්මාණකරණයේ පෙරලිකාර නිර්මාණ කරුවකු මෙන්ම සම්මාන ලාභී නාට්‍ය අධ්‍යක්ෂ වරයෙකු වන වෛද්‍ය ප්‍රභාත් ආලෝකගේ නවතම නාට්‍ය නිර්මාණය වන “ගොන්සාල්වෙස්“ නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා මීගමු කුරණ දේවස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. කොළඹ උතුරු කළාපයේ නාහිමි ගරු සිරිල් ගාමිණී පියතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා දිවයිනේ නමගිය කලාකරුවන් රැසක් සහභාගී විය.මෙම නාට්‍යයේ මංගල දර්ශණය 2009 දෙසැම්බර් මස 03 වැනිදා මීගමුව පුරහලේ දී වේදිකා ගතවීමට නිමිත වී ඇත.
අතීතයේ ලන්දේසි අගමනය නිසා යටපත් වෙමින් තිබූ කිතු දහම රැක ගැනීමෙහිලා ඉමහත් සේවයක් කළ පෘතුගීසි ජාතික ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ නිර්මාණ ආශ්‍රයෙන් මෙම නාට්‍ය නිර්මාණය වී ඇත. මෙම නාට්‍ය නිර්මාණයට සමගාමීව මෙතුමා පිළිබඳ රසවත් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම අඩවිය ආරම්භ කරමි. මෙතුමා පිළිබඳ මා දන්නා තොරතුරු ඉදිරියේ දී මෙහි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඔබ දන්නා කරුණු ඇත්නම් මෙහි සටහන් කිරීම සඳහා ආරාධනා කරමි.

1 comment:

  1. සුභපැතුම්! දිගටම ලියන්න.
    කතෝලික දහමෙන් අපේ සිංහල සංස්කෘතියට උරුම වුනු යම් යම් දේ තිබෙන බව බොහෝ අය දන්නෙ නෑ. ඒ ගොඩක් දෑ උරුම උනේ ගොනසාල්වෙස් පියතුමන්ගෙ කාලෙ. සිංහල සංස්කෘතිය සමග කතෝලික ආගම බද්ද කරන්නට ගොන්සාල්වෙස් පියතුමා දැරූ ප්‍රයත්නය ඉදිරියෙදි සවිස්තරාත්මකව ලියවේ යයි සිතනවා.

    ReplyDelete

ඔබගේ අදහස් හරිම වැදගත්

එය මෙතන සටහන් කරන්න